Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2025 08:33:26 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වෛද්‍ය සායනයක්

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 29 දින ‘ඇය රැකගනිමු’ තේමාව ඔස්සේ වෛද්‍ය සායනයක් පැවැත්වීය. රත්නපුර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සහ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ මෙම වෛද්‍ය සායනය පියයුරු හා ගැබ්ගෙල පිළිකා පරීක්‍ෂාවන් මෙන්ම ශරීර ස්කන්ධ දර්ශකය මැන බැලීම සහ රුධිරයේ සීනි මට්ටම පරීක්‍ෂා කිරීම ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්‍ෂණ සහ සෞඛ්‍ය දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරිණි.

මේ සඳහා ගැමුණු හේවා බලකා රෙජිමේන්තු සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් 120 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙම වැඩසටහන අතරතුරදී, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් ආබාධිත රණවිරුවෙකුගේ මවක් වෙනුවෙන් කිහිලිකරු යුගලයක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ රණවිරු පවුල්වල සාමාජිකයන් රැසක් සහභාගි වූහ.