Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2025 15:04:41 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ගර්භනී මාතෘ අවශ්‍යතා පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මධුවන්ති අඹන්පොල මහත්මියගේ මඟපෙන්වීම මත 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 29 දින එම බලකා සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන් වෙනුවෙන් මාතෘ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග වැඩසටහනක් සහ මෙහෙණින් වහන්සේලා 15 නමක් උදෙසා දානය පූජාකිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වීය.

මෙම දානමය වැඩසටහන අතරතුරදී, එම මෙහෙණින් වහන්සේලා විසින් ආගමික වතාවත් සිදුකරමින් ගර්භනී මව්වරුන් වෙත ආශිර්වාද කළහ. මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.එම්.ජී.ඒ අඹන්පොල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.