Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2024 17:45:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 27 වන සභාපතිනිය ලෙස වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය 2024 දෙසැම්බර් මස 12 දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තාය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය එම සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනිය ශෂිකා කරුණාරත්න මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමිය සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව, මෙම අවස්ථාවට සපැමිණි පිරිස නව සභාපතිනිය වෙත සුබපැතුම් එක්කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.