Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

54 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මන්නාරම් ප්‍රදේශයේ රෝගීන් සඳහා රුධිරය පරිත්‍යාගය කරයි

54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ බණ්ඩාර ගේ උපදෙස් පරිදි 54 වන සේනාංකයේ 9 වන සංවත්සරය නිමිතිකොට ගෙන එම සේනාංකයේ භට පිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (10) දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 54 වන සේනාංක මුලස්ථානයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ස්ව කැමැත්තෙන් යුතුව සහභාගි වු අතර මෙම වැඩසටහන සඳහා මන්නාරම් දිස්ත්‍රික් රෝහල විසින් වෛද්‍ය පහසුකම් සපයන ලදි. Nike shoes | jordan Release Dates