Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වන්නි භටපිරිස්හි මූලිකත්වයෙන් තවත් අඩුඅදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ පූර්ණ සහයෝගය ඇතිව 622 වන බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම යටතේ පදවිය, ඌරව, මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි තවත් අඩුආදායම්ලාභි පවුලක් වෙනුවෙන් 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදි කරන ලද නව නිවස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා (11) දින පැවැති උත්සවයකදී නිවාසලාභින් වෙත ප්‍රදානය කරන ලදී.

වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ නිවසක් නොමැතිව ජීවත්වු එන්.ජී කරුණාරත්න මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු වන නිෂාන් වෙත්තසිංහ මහතා ගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව මෙම නිවස ඉදිකරදෙන ලදී.

අභිනවයෙන් ඉදිකරන ලද මෙම නිවස ආලින්දයක්, කෑම කාමරයක් සහ නිදන කාමර ආදී සියලු පහසුකම්වලින් සමන්විත වන අතර චාරිත්‍රානුකූලව නව නිවස විවෘත කිරීමත් සමඟම අත්‍යාවශ්‍ය ගෘහ උපකරණ, විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ ත්‍යාග ලෙස පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන උත්සවය අතරතුරදී නිවාසලාභියා වෙත නව නිවසේ යතුර සහ ගෘහ භාණ්ඩ ප්‍රදානය කරන ලදී. ආගමික වතාවත් සහ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මෙහිදි සිදුකෙරිණි.

මෙම සමාරම්භක උත්සවය සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති, 212 වන බලසේනාවේ බලසේනාධිපති, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, 20 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ නිවාසලාභියාගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් ද සහභාගි වූහ. Buy Kicks | Nike Shoes