ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය 2025 අගෝස්තු මස 27 දින එම බලසේනා රෙන්ඩෙස්වස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සහභාගි විය.