ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 11 වන වරට පැවැත්වෙන මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය 2025 නොවැම්බර් මස 10 දින සිට 23 දින දක්වා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, බෙලගවි පිහිටි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ජාතියේ ආරක්ෂකයා
ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 11 වන වරට පැවැත්වෙන මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය 2025 නොවැම්බර් මස 10 දින සිට 23 දින දක්වා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, බෙලගවි පිහිටි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා අතර පැවති ඒකාබද්ධ උපායශීලී ත්‍රස්ත විරෝධී අභ්‍යාසය “Wolverine Path 2025” මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී 2025 නොවැම්බර් මස 04 දින සාර්ථකව අවසන් වූ අතර, එය දෙරට අතර පළමු ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වේ.
විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව් ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අවමංගල්‍ය උත්සවය 2025 නොවැම්බර් මස 04 දින කැළණිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ ආදාහනාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් 2025 නොවැම්බර් මස 05 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී, මාතෘභූමිය වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාගයක් කළ වීරෝදාර රණවිරුවන් හට උපහාර දැක්වීමේ උත්සවයක් හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ පවත්වන ලදී. මෙම උපහාර උත්සවය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 144 වන සංවත්සර සැමරුමට සමගාමීව සිදු කරනු ලැබීය.
මෙහෙයුම් සූදානම මෙන්ම පරිපාලන හා සැපයුම් සූදානම පරීක්ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 නොවැම්බර් මස 01 දින ආරක්‍ෂ සේනා මූලස්ථානය - මධ්‍යම වෙත නිල සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ වාර්ෂික රැස්වීම 2025 ඔක්තෝබර් මස 31 දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc සහභාගි විය.
නවතමයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ටී.එච්.ඩී.එස්.ආර් තිරිමාන්න USP, මේජර් ජෙනරල් එන්.ඒ.එම්.පී නාගහවත්ත RSP,මේජර් ජෙනරල් ටී.එන්.කේ පෙරේරා, මේජර් ජෙනරල් කේ.වී.අයි.එල් ජයවීර USP, මේජර් ජෙනරල් එස්.ජේ කාරියකරවන RWP RSP USP, මේජර් ජෙනරල් පී.එන් වික්‍රමසිංහ සහ මේජර් ජෙනරල් එම්.පී.කේ.එල් අමරසිංහ WWV RWP RSP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 ඔක්තෝබර් මස 31 න දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම නිලයේ අධිකාරිය සංකේතාත්මකව ප්‍රදානය කරමින් සිය සුභ පැතුම් පිරිනමන ලදී.
2025-10-31
9 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් සෙවනපිටිය, සාම විහාරය සඳහා නව දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර 2025 ඔක්තෝබර් මස 26 දින භාර දෙන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් ඉන්දියාවේ රාන්චි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මවිබ්මට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙමින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් අගයමින් ඔවුන් ලැබූ ජයග්‍රහණයන් සඳහා සුබ පැතුම් එක් කරන ලදී.
4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී මෙරට නියෝජනය කළ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් 2025 ඔක්තෝබර් මස 28 දින දිවයිනට පැමිණියහ.