28th October 2025
4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී මෙරට නියෝජනය කළ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් 2025 ඔක්තෝබර් මස 28 දින දිවයිනට පැමිණියහ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි එම පිරිස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුලේ සාමාජිකයින් විසින් පිළිගන්නා ලදී.
දකුණු ආසියානු කලාපයේ සිටින ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරඟ කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ජවන හා පිටිය තරඟ ඉසව්වලදී විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් යුද්ධ හමුදාවට මෙන්ම මෙරටට කීර්තියක් ගෙන දෙන ලදී. සමස්ත තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනා ගන්නා ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.