සිවිල් ක්‍රියාකාරකම්

Clear

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවෙන් රණවිරු පවුලක් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

2024-12-27

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව මගින් එම බලකායේ රාජකාරි කරනු ලබන සෙසුුනිලයෙකුගේ තුන් නිවුන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහය වීමේ අරමුණින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 23 දින සංවිධානය කරන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක් සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වයි

2024-12-27

ස්වාධීන සැපයුම් ගබඩාව, ස්වාධීන ප්‍රවාහන බලඝණය සහ යුද්ධ හමුදා සේවා බළකා පාසල එක්ව 2024 දෙසැම්බර් මස 22 දින මොරටුව සුරස විශේෂ අධ්‍යාපන පාසල සහ බාලිකා නිවාසය සඳහා පරිත්‍යාග වැඩසටහනක් සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වන ලදී.


10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

2024-12-25

10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දෙසැම්බර් මස 23 දින J/433, මුල්ලියන් ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ තෝරාගනු ලැබූ අඩු ආදායම්ලාභී පවුල් පහක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.


513 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ පරිත්‍යාග වැඩසටහනක්

2024-12-25

513 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.එම්.එල්.පී ඒකනායක යූඑස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලද අතර, එහිදී පාසල් සිසුන් සඳහා බයිසිකල් 50 ක්, වැඩිහිටි කාන්තාවන් සඳහා වියළි ආහර සලාක පාර්සල් 25 ක් සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහර සලාක පාර්සල් 25 ක් බෙදා දෙන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

2024-12-24

නත්තල් සැමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව මගින් 2024 දෙසැම්බර් මස 20 දින වේරහැර, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එහිදී, වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් 19 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් පිරිනමන ලදී.


ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පොත් පරිත්‍යාග වැඩසටහනක්

2024-12-23

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 75 වන සංවත්සර දිනයට සමගාමීව එම සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික පොත් පරිත්‍යාග වැඩසටහන 2024 දෙසැම්බර් මස 20 දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.


ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග වැඩසටහනක්

2024-12-23

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 දෙසැම්බර් මස 18 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී සිවිල් සේවක මහත්වරුන් 33 දෙනෙකුගේ සේවය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත රු. 165,000 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.


20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මහර වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

2024-12-20

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් ඌව කුඩාඔය මහර වැවේ වැව් බැම්ම 20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 17 දින වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.


6 බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

2024-12-13

6 බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මරදන්කඩවල ලබුනොරුව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.


4 බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

2024-12-05

4 බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස්හි මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉඳිකරදෙනු ලැබීය.