30th October 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් ඉන්දියාවේ රාන්චි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මවිබ්මට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙමින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් අගයමින් ඔවුන් ලැබූ ජයග්‍රහණයන් සඳහා සුබ පැතුම් එක් කරන ලදී.
ඒ අනුව 2025 ඔක්තෝබර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා උත්සවයක් පැවැත්විණි. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම තුළින් ලැබු එම ජයග්‍රහණයන් පෞද්ගලිකව අගය කරමින් ඉදිරියේදී ද තවතවත් මෙවැනි ජයග්‍රහණයන් අත්කරගැනීම සඳහා දිරිගැනවීම පිණිස ඔවුන් වෙත මුදල් ත්‍යාග පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc, රෙජිමේන්තු අධිපතිවරුන්, කර්නල් සේනා විධායකවරුන්, ක්‍රීඩා අධ්‍යක්ෂ සහ පුහුණුකරුවන් සහභාගී වූහ.
එසේම මෙම ජයග්‍රහණයන් හිමි කරගන්නා ලද යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනාගේ කැපවීම හා දස්කම් අගයමින් පහත පරිදි නිල උසස් කිරීම් සිදු කරන ලදී:
මිටිය විසිකිරිමේ තරඟයේ ලෝකඩ පදක්කම දිනාගත් බොම්බඩියර් කේ.කේ.ඩී.එන්. ධර්මසේන, සැරයන් නිලයට උසස් කරන ලදී.
උස පැනීම තරඟයේ රන් පදක්කම දිනාගත් බොම්බඩියර් එස්.ඒ.ටී. දසුන්, සැරයන් නිලයට උසස් කරන ලදී.
මීටර් 1500 ධාවන තරඟයේ රිදී පදක්කම දිනාගත් කෝප්‍රල් ජී.ආර්. චතුරංග, සැරයන් නිලයට උසස් කරන ලදී.
කවපෙත්ත විසිකිරීමේ තරඟයේ ලෝකඩ පදක්කම දිනාගත් කෝප්‍රල් ඩබ්ලිව්.ඩී.එම්.එම්.එස්. දිසානායක සැරයන් නිලයට උසස් කරන ලදී.
මීටර් 100 ධාවන තරඟයේ රිදී පදක්කම, මීටර් 4 × 100 සහය දිවීමේ තරඟයේ තත්පර 44.70 කින් ඉසව්ව නිම කරමින් නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් ඩී.ටී.ඒ. ද සිල්වා, කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
මීටර් 100 ධාවන තරඟයේ තත්පර 11.53 කින් නිමා කරමින් දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව ලෙස නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම, මීටර් 4 × 100 සහය දිවීමේ තරඟයේ තත්පර 44.70 කින් නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම සහ මීටර් 200 ධාවන තරඟයේ තත්පර 23.58 කින් නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් එම්.වයි.එෆ්. සෆියා, කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
මීටර් 5000 ධාවන තරඟයේ රිදී පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් වී. වක්සන්, කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
මීටර් 800 ධාවන තරඟයේ රන් පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.එච්.එස්. කරුණාරත්න, කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
මීටර් 100 ධාවන තරඟයේ තත්පර 10.30 කින් ඉසව්ව නිමා කරමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම සහ මීටර් 4 × මීටර් 100 සහය දිවීමේ තරඟයේ රන් පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් වයි.සී.එම්. යෝධසිංහ කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
තුන් පිම්ම පැනීමේ තරඟයේ රන් පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.පී. මල්ෂාන්, කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
උස පැනීමේ තරඟයේ රිදී පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් ආර්.පී. ගමගේ, කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
මීටර් 4 × 100 සහය දිවීමේ තරඟයේ රන් පදක්කම දිනාගත් පාබල සෙබළ ඩී.ඩී.එස්. දියලවත්ත, ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
මීටර් 4 × 100 සහය දිවීමේ ඉසව්ව රන් පදක්කම දිනාගත් සාමාන්‍ය සෙබළ එන්.එම්.පී.පී. සිල්වා, ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
මීටර් 1500 ධාවන තරඟයේ ලෝකඩ පදක්කම දිනාගත් සාමාන්‍ය සෙබළ ආර්.එම්. නිෆ්රාන් ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
මීටර් 10000 ධාවන තරඟයේ රන් පදක්කම දිනාගත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ඒ.එම්.ආර්. විජේසූරිය ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
වෙඩි තැබීම තරඟයේ ලෝකඩ පදක්කම දිනාගත් සාමාන්‍ය සෙබළ එස්.කේ. මිතුම්රාජ් ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
මීටර් 4 × 400 සහය දිවීමේ මිශ්‍ර තරඟයේ තරඟයේ රිදී පදක්කම, මීටර් 4 × 400 තරඟයේ රන් පදක්කම සහ මීටර් 400 ධාවන තරඟයේ ලෝකඩ පදක්කම දිනාගත් සාමාන්‍ය සෙබළ කේ.කේ.අයි. සිල්වා, ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.
තුම්පිම්ම පැනීමේ තරඟයේ ලෝකඩ පදක්කම දිනාගත් කාන්තා සෙබළ ඊ.එම්.එස්. උපේක්ෂා, ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කරන ලදී.