උණුසුම් පුවත්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 ජනවාරි මස 22 වන දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුව සඳහා සහභාගී විය. මෙම පාඨමාලාව භටපිරිස්හි දරාගැනීම, උපායමාර්ගික චින්තනය සහ කුඩා කණ්ඩායම් මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත.


වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.ඩී සමරසේකර RSP USP ndc psc, 2026 ජනවාරි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


නේපාල හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් 2026 ජනවාරි මස 19 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc, 2026 ජනවාරි මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


යුද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අනුකූලව, නවීන මානව සම්පත් කළමනාකරණ පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 07 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.


මේජර් ජෙනරල් කේ.එල්.අයි. කරුණානායක RWP RSP ndc සහ මේජර් ජෙනරල් කේ.පී.පී කරුණානායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2026 ජනවාරි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් පිරිනමන ලදී.


ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර (විශ්‍රාමික) RWP RSP අවමංගල්‍ය උත්සවය 2026 ජනවාරි මස 04 දින කැලණිය, සේපාල ආදාහනාගාරයේදී හමුදා සම්ප්‍රදායනුකූල පූර්ණ හමුදා ගෞරව සහිතව පවත්වන ලදී.


දුරුතු පොහොය දිනය නිමිත්තෙන් පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ආගමික වැඩසටහනකට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2026 ජනවාරි මස 03 දින සහභාගී විය.


ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් අයි.එච්.එස්. විජේසේන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ අවමංගල්‍ය උත්සවය 2026 ජනවාරි මස 02 දින පුස්සැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා චර්යාධර්ම සංග්‍රහයේ විද්‍යුත් පිටපත යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී 2025 දෙසැම්බර් මස 31 වන දින එළිදක්වන ලදී. සියලුම නිලයන් අතර ආයතනික ලැදියාව, සදාචාරාත්මක විනය සහ වෘත්තීය වගවීම ශක්තිමත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීමේ කොටසක් ලෙස යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.