Sport

Clear

‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ තරඟාවලියෙහි’ කාන්තා කාණ්ඩයේ ශූරතාවය යුද්ධ හමුදාවට

2024-12-19

‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ තරඟාවලියෙහි’ අවසන් මහා තරඟය 2024 දෙසැම්බර් මස 15 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ කාන්තා කාණ්ඩයේ කේවල ඉසව්වේ සහ යුගල ඉසව්වේ ශූරතාවයන් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැක්ටැක්රෝ කාන්තා කණ්ඩායම සමත්වූහ.


53 පාබල සේනාංකයේ ‘සේනාංකාධිපති අභියෝගතා කුසලානය’ සාර්ථකව අවසන්

2024-12-18

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 12 සිට 15 දින දක්වා එම සේනාංක වොලිබෝල් පිටියේදී සේනාංකාධිපති අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය පවත්වනු ලැබීය.


ආසියාතික ක්ලැසික් සවිඑසවීමේ ශූරතාවය - 2024’ දී යුද්ධ හමුදාවට ලෝකඩ පදක්කමක්

2024-12-12

‘ආසියාතික ක්ලැසික් සවිඑසවීමේ ශූරතාවය - 2024’ දී කිලෝග්‍රෑම් 59 කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට 12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී අයි.එස්. සුමුදු ප්‍රදීප් සමත් විය.


ලංකා ප්‍රවීනයන්ගේ T20 ක්‍රීකට් 2024 තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා ප්‍රවීණයන් දිනා ගනී

2024-12-11

ලංකා ප්‍රවීණයන්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද T20 ක්‍රිකට් තරඟාවලිය 2024 දෙසැම්බර් 08 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


2024 ජාතික කඹ ඇදීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි

2024-12-11

ජාතික කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 20 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් 07 වන දින බණ්ඩාරවෙල නගර සභා පිටියේදී පැවැත්විණි.


‘National League Baseball Tournament – 2024’ හි ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායමට

2024-12-05

‘National League Baseball Tournament – 2024’ තරඟාවලිය 2024 දෙසැම්බර් මස 01 දින දියගම බේස්බෝල් පිටියේදී පැවති අතර ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 18 ට 8 ක් ලෙස තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත්වූහ.


‘Russian Weightlifting Federation Far East Cup - 2024 Championship’ තරඟාවලියෙන් යුද්ධ හමුදාවට රන් පදක්කමක්

2024-12-05

‘Russian Weightlifting Federation Far East Cup - 2024 Championship’ ශූරතාවලිය 2024 නොවැම්බර් මස 29 සිට දෙසැම්බර් මස 3 දින දක්වා රුසියාවේ යුෂ්නෝ-සකාලින්ස්ක් ප්‍රදේශයේදී පැවැත්විණි.


‘B’ ඛාණ්ඩයේ T20 ක්‍රිකට් තරඟාවලිය - 2024, හි අනුශූරතාවය යුද්ධ හමුදා කණ්ඩායමට

2024-11-23

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘B’ කාණ්ඩයේ T20 ක්‍රිකට් තරඟාවලිය - 2024, හි අනුශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදුණි.


'නෙක්ස්ට් ජෙන්' ප්‍රිමියර් ලීග් හොකී තරඟාවලියේ ශූරතාව යුද්ධ හමුදා හොකී කණ්ඩායමට

2024-11-11

රී ලංකා නෙක්ස්ට් ජෙන් හොකී සංවර්ධන සමාජය මගින් ප්‍රථම වරට සංවිධානය කල 'නෙක්ස්ට් ජෙන්' ප්‍රිමියර් ලීග් හොකී තරඟාවලිය 2024 නොවැම්බර් මස 09 දින කොළඹ කෘත්‍රිම හොකී තණතිල්ලේදී පැවැත්විණි.


ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ට උපහාර පුදකරයි

2024-10-31

ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙනුවෙන් උපහාර පුදකිරීම සඳහා 2024 ඔක්තෝම්බර් මස 27 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී උපහාර උත්සවයක් පැවැත්විණි.