ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ වාර්ෂික රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ වාර්ෂික රැස්වීම 2025 ඔක්තෝබර් මස 31 දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc සහභාගි විය.

උත්සව අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ සභාපතිනී දිලිනි ධර්මදාස මහත්මිය සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් පිළිගන්නා ලදී.

මෙම උත්සවය අතරතුරදී, සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යාපනය ලබන දරුවන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව කිහිපයක් ප්‍රදානය කරන ලද අතර, නව අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් ද පත් කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින් ද සහභාගි වූහ.