යුද්ධ හමුදා විශේෂාංග
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් අධ්‍යාපනික දේශනයක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති -වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත, ‘බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු පුනරුත්ථාපනය කිරීම සහ නැවත සමාජගත කිරීම’ යන මැයෙන් අධ්‍යාපනික දේශනයක් 2024 දෙසැම්බර් මස 24 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සි 2024 අප්‍රේල් මස 27 දින 23 පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානය නැගෙනහිර හි නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 2024 දෙසැම්බර් මස 26 දින භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානය නැගෙනහිර හි නිල සංචාරයක නිරත විය.
24 පාබල සේනාංකයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී මඟපෙන්වීම යටතේ 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ අධීක්‍ෂණය යටතේ 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 23 දින කල්මුණේ, ශුද්ධ වූ කුරුස දේවස්ථානයේ ළමුන් 16 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදෙන ලදී.
55 පාබල සේනාංකය මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 26 දින කිලිනොච්චියේ පිහිටි නෙළුම් පියස රඟහලේදී වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පවත්වන ලදී.
18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සුදුවැල්ල, පරාක්‍රම පාසලේ සිසුසිසුවියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 17 දින අම්පාර, මහා වාපි විහාරස්ථානයේදී සංවිධානය කරන ලදී.
51 පාබල සේනාංකය ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වයි

නත්තල සහ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය උපදෙස් මත 51 පාබල සේනාංකය විසින් යාපනය, ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2024 දෙසැම්බර් මස 24 දින පවත්වන ලදී.
11 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාග වැඩසටහනක්

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 11 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අක්කරෙයිපත්තුව, කන්නගිපුරම් පාසලේ දී දෙසැම්බර් මස 20 සහ 21 යන දිනයන්හිදී පවත්වන ලදී. එහිදී කන්නගිපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25 ක් සඳහා ප්‍රතිලාභ හිමිවූහ.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නව බලකාධිපතිතුමන් රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 11 වන බලකාධිපති ලෙස භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී, 2024 දෙසැම්බර් මස 10 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගත්තේය.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 69 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 15 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.