යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත අධිකාරියේ සංකේත ප්‍රධානය කරයි

නවතමයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ටී.එච්.ඩී.එස්.ආර් තිරිමාන්න USP, මේජර් ජෙනරල් එන්.ඒ.එම්.පී නාගහවත්ත RSP,මේජර් ජෙනරල් ටී.එන්.කේ පෙරේරා, මේජර් ජෙනරල් කේ.වී.අයි.එල් ජයවීර USP, මේජර් ජෙනරල් එස්.ජේ කාරියකරවන RWP RSP USP, මේජර් ජෙනරල් පී.එන් වික්‍රමසිංහ සහ මේජර් ජෙනරල් එම්.පී.කේ.එල් අමරසිංහ WWV RWP RSP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 ඔක්තෝබර් මස 31 න දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම නිලයේ අධිකාරිය සංකේතාත්මකව ප්‍රදානය කරමින් සිය සුභ පැතුම් පිරිනමන ලදී.