සුභ සාධක
2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවාස දෙකක් ඉදිකෙරේ

2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ඒකකය යටතේ සේවයේ නියුතු නිවාස අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් මැදවච්චිය, ලුණුපහිච්චාව ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. 2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා එම ඒකකයේ විශ්‍රාමික සහ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූහ.
නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක්

නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් වීවෘත කිරීමේ උත්සවය 2024 ඔක්තෝබර් මස 25 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
‘බෝ නොවන රෝග වැළැක්වීම සහ ආතතිය කළමනාකරණය කිරීම’ පිළිබඳ දේශනයන් පැවැත්වෙයි

දැනට ක්‍රියාත්මක වන “නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්” වැඩසටහනේ තවත් එක් කොටසක් වශයෙන් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 11 දින ඉතාමත් වැදගත් සෞඛ්‍ය දේශනයන් පැවැත්විණි.
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ නව දෙමහල් නවාතැන් ගොඩනැගිල්ලට මුල්ගල තබයි

ඉන්ජිනේරු බලකායේ බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය වෙනුවෙන් ඉදිකිරිමට නියමිත දෙමහල් ගොඩනැගිල වෙනුවෙන් ආරක්‍ෂ සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 අගෝස්තු මස 28 දින ආගමික වතාවත් මධ්‍යයේ මුල්ගල තැබීය.
22 පාබල සේනාංකයේ නවීකරණය කරන ලද නිලධාරී නිවස්නය විවෘත කෙරේ

22 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් සඳහා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන් කරන ලදී.
4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක් ඉදිකරයි

4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මාතලේ කයිකාවල ප්‍රදේශයේ දිවිගෙවන දිවංගත කෝප්‍රල් එච්.පී.එන්. උදය කුමාර ගේ පවුලට නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම නිවස 2024 ජූලි මස 29 දින පැවති කෙටි උත්සවයකදී ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවකුගේ දියණියකට ශිෂ්‍යත්වයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මගපෙන්වීම යටතේ මව්බිම වෙනුවවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.පී. රණසිංහගේ දියණිය වන ජේ.පී. නයෝමි දේදුනු මහත්මිය වෙත 2024 ජූලි මස 14 දින කහගොල්ල බලඇණි පුහුණු පාසලේදී ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නව ‘සියවස’ කාර්යාල සංකීර්ණයේ ඉහළ මහල විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත ‘සියවස’ කාර්යාල සංකීර්ණයේ ඉහළ මහල ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ සුරතින් 2024 ජුනි මස 27 දින විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව දේශන ශාලාව සහ භඨ නිවාසය සඳහා මුල්ගල් තබයි

බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉඳිකිරීමට යෝජිත දේශන ශාලාව සහ භඨ නිවාසය සඳහා මුල්ගල තැබීම ආරක්‍ෂක සේනා ආඥාපති නැගෙනහිර සහ යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 13) දින සිදුකරන ලදී.
යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවස්න ගොඩනැගිල්ල විවෘත කරයි

දඹුලුහල්මිල්ලෑව, යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවස්න ගොඩනැගිල්ල එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24) දින විවෘත කරන ලදී.