සෙවනපිටිය දහම් පාසල සඳහා නව ගොඩනැගිල්ලක්

9 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් සෙවනපිටිය, සාම විහාරය සඳහා නව දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර 2025 ඔක්තෝබර් මස 26 දින භාර දෙන ලදී.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහකාර ලේකම් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය ද සහභාගි වූවාය.

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය තරුණ පදනමේ උප සභාපතිනී සුරේකා ගාඩ්නර් මහත්මිය විසින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට පූජ්‍ය පක්ෂය, ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර RWP RSP ndu psc, ජ්‍යෙෂ්ඨ නිලධරින්, නිලධාරින්, සෙසු නිලයන්, ගුරුවරුන්, සිසුන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.