පුහුණු

Clear

කෙරවලපිටිය, තෙල් ගබඩා පර්යන්තයේදී හදිසි ගිනි නිවීමේ පෙරහුරු අභ්‍යාසයක්

2024-12-16

141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර් ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 13 දින කෙරවලපිටිය, සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේදී (CPSTL) හදිසි ගිනිනිවීමේ පෙරහුරු අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී. 141 පාබල බලසේනාවේ භටපිරිස් සහ එම තෙල් ගබඩා පර්යන්තයේ සේවයේ නියුතු නිලධාරින් ඒකාබද්ධව මෙම පෙරහුරු අභ්‍යාසය සිදුකරනු ලැබූහ.


මූලික පිහිනුම් සහ ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 22 සාර්ථකව අවසන්

2024-12-16

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු ගේ මඟපෙන්වීම මත අනුරාධපුර ආරක්‍ෂක සේනා මූලස්ථාන - වන්නි පිහිනුම් තටාකයේ දී 2024 නොවැම්බර් මස 5 දින සිට දෙසැම්බර් මස 13 දින දක්වා මූලික පිහිනුම් පාඨමාලා අංක - 22 පැවැත්විණි.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර පුහුණු දිනයට සමගාමීව දේශනයක්

2024-12-13

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පුහුණු දින වැඩසටහනට සමගාමීව ‘ශ්‍රී ලංකාවේ භයානක මත්ද්‍රව්‍ය භාවිතයේ වත්මන් ගැටළු’ තේමාව ඔස්සේ 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් මස 12 දින දේශනයක් පැවැත්විණි.


3 (ස්වෙච්ඡා ) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරයි

2024-11-15

3 (ස්වෙච්ඡා ) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහභාගී වූ බලඇණි පුහුණු පාඨමාලාව 2024 නොවැම්බර් මස 12 දින පූනානි බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් කරනු ලැබීය.


24 පාබල සේනාංකයේ භටපිරිස් සඳහා පිටත ජල යන්ත්‍ර පිලිබඳ පුහුණු සැසියක් පවත්වයි

2024-11-15

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 නොවැම්බර් මස 12 දින ඔළුවිල් වරාය පරිශ්‍රයේදී පිටත ජල යන්ත්‍ර පිලිබඳ එක්දින විශේෂිත පුහුණු සැසියක් පවත්වන ලදී.


22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මුලික ආපදා ප්‍රතිචාර පුහුණුව පිළිබඳව වැඩමුළුවක්

2024-11-03

22 පාබල සේනාංකය වෙතින් 2024 ඔක්තෝම්බර් මස 28 සිට 30 දින දක්වා මුලික ආපදා ප්‍රතිචාර පුහුණුව පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය. මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන්හි සේවයේ නියුතු නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 131 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.


විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරින් වෙනුවෙන් එක්දින වැඩමුළුවක්

2024-10-29

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී. විතානගේ ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන ආයතනයක් වන FERENTINO Tyre Corporation පුද්ගලික සමාගම වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් 2024 ඔක්තෝබර් මස 25 දින එක්දින අධ්‍යාපනික වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවේදී, එම කර්මාන්තශාලාවේ සංචාරයක් සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සාමාජිකයන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරනු ලැබූ තාක්‍ෂණික සැසියක් ද පැවැත්විණි.


විජයබාහු පාබල රෙජිමේන්තුවේ දී නිලධාරීන්ගේ පුහුණු දිනයක් පවත්වයි

2024-10-27

14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යුඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 ඔක්තෝබර් මස 25 දින විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විය.


පුහුණු දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර හිදී දේශනයක්

2024-10-18

බදාදා දින පුහුණු දිනය වෙනුවෙන් යුද්ධ හමුදා විනය පවත්වා ගැනීම පිළිබඳව දේශනයක් 2024 ඔක්තෝබර් මස 16 දින 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා දේශන ශාලාවේදී පවත්වන ලදී.


‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු තරුණ නිලධාරි පාඨමාලා අංක - 49’ සාර්ථකව අවසන්

2024-09-22

2024 ජුනි මස 12 සිට සැප්තැම්බර් මස 14 දින දක්වා මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේදී පැවති ‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු තරුණ නිලධාරි පාඨමාලා අංක - 49’ හි විසිරයෑමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 14 දින පැවැත්විණී