උණුසුම් පුවත්

යුද්ධ හමුදාව සිදුකරනු ලබන සහන සේවා කටයුතු සඳහා සහයෝගය දැක්වීමක් වශයෙන් නෙස්ලේ ශ්‍රී ලංකා සමාගම විසින් රුපියල් මිලියන 8.5 ක වටිනාකමකින් යුත් නෙස්කැෆේ, නෙස්ටී සහ නෙස්ටමෝල්ට් නිෂ්පාදන තොගයක් 2025 දෙසැම්බර් 03 වන දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පරිත්‍යාග කරන ලදී.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි, 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.සී.වී. ප්‍රනාන්දු ndc, 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා, පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලකින් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 02 වන දින ශ්‍රී ලංකාවට පැමිණියහ.


දිට්වා සුළි කුණාටුවෙන් පසු යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ගලවා ගැනීමේ සහ සහන සේවා මෙහෙයුම් සඳහා රු. 500,000.00 ක් වටිනා ආරක්‍ෂිත කබායන් තොගයක් 2025 නොවැම්බර් මස 30 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ටොයෝටා ලංකා පෞද්ගලික සමාගම විසින් යුද්ධ හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc, 2025 දෙසැම්බර් මස 02 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ජ්‍යෙෂ්ඨ හමුදා, පොලිස් සහ රජයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2025 දෙසැම්බර් මස 01 දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී, පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව සහ එම තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයන්හි සිදුකරන ආපදා සහන සේවා මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු විය.


පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබන සහන සේවා මෙහෙයුම් කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 නොවැම්බර් මස 30 දින සවස යුද්ධ හමුදා මූලස්ථානයේදී ක්ෂේත්‍ර අණදෙන නිලධාරින් සමඟින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී එතුමන් ආපදා සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව සහ විධිමත්ම සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 නොවැම්බර් මස 29 වන දින වැල්ලම්පිටිය, රාජසිංහ විද්‍යාලයේ ස්ථාපිත හදිසි ආරක්‍ෂක මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් ආපදාවට පත් ප්‍රජාවගේ සුභසාධනය සහ ප්‍රදේශයේ සිදුවෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් පිළිබඳව සොයා බැලීය.