මුල් පුවත්

Clear

2025 නව වසර සියළු දෙනාටම සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!

2024-12-31

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, 2025 නව වසර සියළුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ධූරයේ රාජකාරි අරඹයි

2024-12-31

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 25 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.


ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකරයි

2024-12-31

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නික්මයාම සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 30 දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් පැවැත්විණි.


ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන වෙත ගජබා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2024-12-30

ධූරයෙන් නික්ම යන ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් සාමාජිකයෙකු වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් වෙත 2024 දෙසැම්බර් මස 29 දින ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පවත්වනු ලැබීය. එහිදී, ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානතුමන්ව රෙජිමේන්තු පරිශ්‍රය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.


විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගජබා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2024-12-30

විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් සාමාජිකයෙකු වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 29 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම උත්සවය එතුමන්ගේ ආදර්ශමත් සේවයට ගෞරව දැක්වීම සහ කෘතඥතාවය පුදකිරීමේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරනු ලැබිණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 99 වන විසිර යාමේ පෙළපාලිය අභිමානවත් අයුරින් පවත්වයි

2024-12-22

දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි 99 වන විසිර යාමේ පෙළපාලිය 2024 දෙසැම්බර් මස 21 දින අභිමානවත් අයුරින් පැවති අතර, එම උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. එහිදී පුහුණුව සාර්ථකව අවසන් කළ කෙඩෙට් නිලධාරීන් 222 දෙනෙකු අධිකාරියට පත්ව තම මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් විසිර ගියහ..


යුද්ධ හමුදා සරඹ සහ පියවර කෝදු තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2024-12-19

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2024’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා ත්‍යාග ප්‍රධානෝත්සවය පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී 2024 දෙසැම්බර් මස 18 දින පවත්වනු ලැබීය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.


යුද්ධ හමුදා සරඹ සහ පියවර කෝදු තරඟාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්

2024-12-01

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2023’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 30) දින පවත්වනු ලැබීය.


ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් මන්නාරම් දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල නිරීක්‍ෂණ සංචාරයක

2024-11-28

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 නොවැම්බර් මස 27 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ධූරයේ රාජකාරි අරභයි

2024-11-27

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස අද දින (22) අකුරේගොඩ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ධූරයේ රාජකාරි භාරගැනීම සිදුවිය. එහිදී ජනාධිපතිතුමන් විසින් සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ පොදු අරමුණක් ඇතිව එක්වී මාතෘභූමිය යහපත් ජාතියක් බවට පත්කිරීමට එක්ව කටයුතු කරන ලෙසයි.