6th November 2025
ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් 2025 නොවැම්බර් මස 05 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී, මාතෘභූමිය වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාගයක් කළ වීරෝදාර රණවිරුවන් හට උපහාර දැක්වීමේ උත්සවයක් හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ පවත්වන ලදී. මෙම උපහාර උත්සවය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 144 වන සංවත්සර සැමරුමට සමගාමීව සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc සහ රෙජිමේන්තුවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
අනතුරුව, යුද්ධ බිමේදී කැපකිරීම්, වීරත්වය සහ ශූරත්වය පිළිබඳ සදාතනික සටහනක් තැබූ රණවිරුවන් සිහිකරමින් යුද්ධ හමුදාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහර දැක්විය.
මෙම සැමරුමේ තවත් අංගයක් ලෙස, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වාර්ෂිකව පිරිත් සජ්ඣායනාවක් සංවිධානය කරනු ලබන අතර තවද, 2025 ඔක්තෝබර් මස 06 දින දිවිපිදූ රණවිරුවන්ට පිං පැමිණවීම සහ ඔවුන්ගේ පවුල්වලට ආශිර්වාද එක් කිරීම සඳහා දානමය පිං කමක් ද පවත්වනු ලබයි.