සාමසා‍ධක දායකත්වය

Clear

ශ්‍රී ලංකා භට පිරිස් විසින් ලෙබනනයේදී ඉන්දුනීසියානු හමුදා භට පිරිස් සඳහා වැඩමුළුවක් පවත්වයි

2024-09-02

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සේවය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉන්දුනීසියානු සාම සාධක භටපිරිස් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් 2024 අගෝස්තු මස 28 දින පවත්වන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් අමතයි

2023-09-11

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) පදක්කම් ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදේශ මෙහෙයුම් කර්නල් පී.පී.සී. පෙරේරා පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 07) දින ලෙබනනයේ, නකෝරා හි පිහිටි ග්‍රීන්හිල් කඳවුරු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය.


එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ගෞරවාචාරය අභාවප්‍රාප්ත ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියට පිරිනැමේ

2023-02-21

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය (42) බමාකෝ 3 වන මට්ටමේ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව 2023 පෙබරවාරි මස 11 දින අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහයට MINUSMA ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානයේ සාමසාධක හමුදාවෝ හමුදා සම්ප්‍රදායානුකූලව පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ඔහුගේ දේහයට ගෞරවාචාරය දැක්වූහ.