ගැමුණු හේවා බලකායට අයත් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස් බොතේජු (විශ්‍රාමික) RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2025 නොවැම්බර් මස 27 දින බොරැල්ල, පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
ජාතියේ ආරක්ෂකයා
ගැමුණු හේවා බලකායට අයත් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස් බොතේජු (විශ්‍රාමික) RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2025 නොවැම්බර් මස 27 දින බොරැල්ල, පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 27 වන දින පැවති අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රාජ්‍ය නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ඉදිරියටත් අඛණ්ඩව සහන සේවා මෙහෙයුම් සඳහා සහාය වීමට අවශ්‍ය උපදෙස් යුද්ධ හමුදා ප්‍රධානීන් වෙත ලබාදෙන ලදී.
ඵලදායිතාවය සහ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025 නොවැම්බර් මස 25 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළ සේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ. ඩබ්ලිව්. එන්. පී ප්‍රේමරත්න RSP USP NPS psc ගේ ප්‍රධානත්වයෙන් එම බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
ඉන්දියානු සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර පවතින සංස්කෘතික හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස ඉන්දීය ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 120 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් 2025 නොවැම්බර් මස 26 වන දින මෙරටට පැමිණියහ. 2025 නොවැම්බර් මස 27 සහ 28 යන දිනයන්හිදී මෙරටට සංචාරයේ නිරත වන එම නියෝජිත පිරිසෙහි මෙරට දෙදින සංචාරය මඟින් දෙරටෙහි හමුදා සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම, සංස්කෘතික අවබෝධය වැඩිදියුණු කිරීම සහ දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම මූලික අරමුණ විය.
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ජී.එස්.කේ පෙරේරා RSP ndc සහ මේජර් ජෙනරල් එන්.එස්.එස් ඩයස් RSP ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින්, 2025 නොවැම්බර් මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම නිලයේ අධිකාරියේ සංකේතය ප්‍රදානය කරමින් සිය සුභ පැතුම් පිරිනමන ලදී.
මේ වසර මුලදී මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම විසින් මියන්මාරයේ දියත් කරන ලද සහනසේවා මෙහෙයුම් තුළ දැක්වූ දායකත්වය වෙනුවෙන් 2025 නොවැම්බර් මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කළේය.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂක කර්නල් මොහොමඩ් මහබූබි ෆූලාඩි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර 11 වරටත් පැවති යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව 2025 නොවැම්බර් මස 18 දින සිට 20 දින දක්වා ඉන්දියාවේ ගයා හි නිලධාරි පුහුණු විද්‍යාපීඨයේ දී සාර්ථකව පැවති අතර, එමඟින් දෙරට අතර දිගුකාලීන හමුදා සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් විය.
2025 නොවැම්බර් මස 22 දින ගල් පිරිනු පස් කන්දක් මාවනැල්ල, ගනේතැන්න ප්‍රදේශයේ දී කඩා වැටීම හේතුවෙන් නිවසකට සහ වෙළඳසැලක් සමන්විත ගොඩනැගිල්ලකට දැඩි හානි සිදු වූ අතර එම අනතුරෙන් අවට සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු කඩාවැටුනු ලද ගල් පිරුණු පස් සහ ගොඩනැගිලි සුන්බුන් අතර සිරවීමට ලක් විය.
2025 නොවැම්බර් මස 10 දින සිට 22 දින දක්වා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, බෙලගවි පිහිටි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී 11 වන වරට පවත්වන ලද මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව නිම කිරීමෙන් පසුව එයට සහභාගී වූ ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම 2025 නොවැම්බර් මස 22 දින නැවත දිවයිනට පැමිණියේය.