රණවිරු ප්‍රවීණයන්ගේ පිටුව

Veterans

විශේෂ බලකායේ 27 වන රෙජිමේන්තු දිනයට සමගාමීව විශේෂ බලකා රෙජිමේන්තුවේ ‘ප්‍රවීණයන්ගේ සුහද හමුව’ නාඋල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී 2023 දෙසැම්බර් මස 9 සිට 10 දින දක්වා පැවැත්විණි.


ජබා රෙජිමේන්තු ප්‍රවීණයන්ගේ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම පසුගිය ඉරිදා (26) දින බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවට අභිමානයක් ලබාදුන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.


රණවිරු සේවා අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව, දිවයින පුරා පරිපාලන දිස්ත්‍රික් 22 ක ස්ථාපිත ‘රණවිරු’ සංගම් සම්බන්ධිකාරක නිලධාරීන් ඇතුළු එම ප්‍රදේශයන්හි සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථාන නියෝජනය කරමින් නිලධාරින් 100 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අද (18) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ. මෙම හමුවේදී, ගෞරවණීය ලෙස සමාජ පිළිගැනීම පවත්වා ගෙන යන ලෙසත් විවිධ සමාජ විරෝධි ක්‍රියාවන්ට දායක නොවී ජාතික ආර්ථිකයට සිය දායකත්වය ලබාදෙමින් හමුදාවේ අභිවෘද්ධිය සඳහා ඔවුන්ගේ සහයෝගය දක්වන ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් ඉල්ලා සිටියේය.


පොපි දින උත්සවයේ දී මියගිය රණවිරුවන්ට උත්තමාචාර ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොපි දින අනුස්මරණ උත්සවය අද (11) දින උදෑසන කොළඹ 07, විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණ.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ 25වන ගුණ සැමරුම් උත්සවය ඉරිදා (06) දින අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.


මළල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කර දුන් අලව්ව, ආඩියාදෙණිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ලුතිනන් කර්නල් දේශබන්දු ඩබ්ලිව් විමලදාසට අයත් පුද්ගලික නිවස පුර්ණ අලුත් වැඩියාවකින් පසු මැයි (31) දිනට යෙදුන සුභ මොහොතින් යතුර භාරදිමේ උත්සවය පවත්වනු ලැබීය.


ගැමුණු හේවා බලකා සේවා මුක්ත භට සංගමයේ (GWESRA) වාර්ෂික මහ සභා රැස්විම ඉරිදා (16) දින විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.


කටාන, බෝලගල ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් සහිත ගොඩනැගිලි විවෘත කිරීම අද (20) උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.


තම දැය සහ යුද හමුදාව වෙනුවෙන් වසර 30 ක සේවා කාලයක රාජකාරියේ නිරතව සිටි මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ.ජේ.එන් සේනවීර ආර්එස්පී යූඑස්පී එල්ඩීඑම්සීගේ අවසන් කටයුතු බදාදා (4) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී විශාල යුද හමුදා සහ සිවිල් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලැබීය.


ජාවත්ත, කොළඹ 05 සුසාන භූමියේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද ස්මාරකය අභියසදී අද (11) දින සන්ධ්‍යාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙතින් පවත්වනු ලැබූ ‘රණවිරු අනුස්මරණ උත්සවය’ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් උභය මැදවෙල සහභාගී විය.