සේවා වනිතා

Clear

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ගර්භනී මව්වරුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

2024-12-20

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි රාජකාරි කරනු ලබන සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ ගර්භනී භාර්යාවන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් 14 වන දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී. එහිදී ගර්භනී මව්වරුන් දහතුන් දෙනෙකු වෙත ප්‍රතිලාභ හිමිවූහ.


1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මූලිකත්වයෙන් පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

2024-12-20

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මූලිකත්වයෙන් එම බලකායේ රාජකාරි කරනු ලබන සෙසුනිලයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 147 දෙනෙකු සඳහා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 15 වන දින පනාගොඩ, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.


විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක

2024-12-17

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය අනෝජා පීරිස් මහත්මියගේ අධීක්‍ෂණය මත 2024 දෙසැම්බර් මස 14 දින එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අත්තිඩියෙහි මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය. Sri Lanka Killer Whale Aquatic සහ විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ දායකත්වය මත මෙම සංචාරය සිදුකරනු ලැබිණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නත්තල් කැරොල් ගී වැඩසටහනක් පවත්වයි

2024-12-13

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනීෂා කොතලාවල මහත්මියගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා පොලිස් හේවා පුහුණු පාසලේ සහ 2 බළඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහයෝගය ඇතිව නත්තල් කැරොල් ප්‍රසංගයක් 2024 දෙසැම්බර් මස 07 දින එම රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැත් විය.


ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක්

2024-12-12

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් එම ශාඛාවේ ව්‍යාපෘතීන්හි සේවයේ නියුතු භටපිරිස් 52 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ සේවය අගයකරමින් රු.260,000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

2024-12-11

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස අප්සරා පීරිස් මහත්මිය 2024 දෙසැම්බර් 10 වන දින එම බලකා සේවා වනිතා කාර්යාලයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී..


රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සුබසාධන ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් වේදිකා නාට්‍යයක්

2024-12-03

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 නොවැම්බර් මස 30 දින මිහිර සිරිතිලක මහතා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘කෝ කුක්කෝ’ වේදිකා නාට්‍යය ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්විය.


යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

2024-11-30

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 22 දින මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වාට්ටු අංක 06 හිදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිය.


ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි

2024-11-28

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්‍ෂණය මත 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් පහළවත්ත ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 නොවැම්බර් මස 20 දින නිවාසලාභි පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි

2024-11-27

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම 2024 නොවැම්බර් මස 23 දින පල්ලෙකැලේ පිහිටි ශ්‍රී ලංකා රයිෆල් බලකා සහ ශ්‍රී ලංකා පුරෝගාමී බලකා සම්බන්ධීකරණ මූලස්ථානයේදී පැවැත්විණි.