2025-11-07

“Wolverine Path 2025” රුසියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා අතර පැවති ඒකාබද්ධ උපායශීලී ත්‍රස්ත විරෝධී අභ්‍යාසය “Wolverine Path 2025” මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී 2025 නොවැම්බර් මස 04 දින සාර්ථකව අවසන් වූ අතර, එය දෙරට අතර පළමු ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වේ.

අනතුරුව පැවති නිදර්ශනයෙන් පසුව සහතිකපත් ප්‍රදානෝත්සවයක් පැවැත්වුණු අතර, එහිදී දෙරටේම සහභාගී වූවන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් ඇගයීමට ලක් කෙරෙණි. මෙම අභ්‍යාසයේ අවසානය සනිටුහන් කරමින් දෙරට අතර සමරු ඵලක හුවමාරුවක් සිදු කෙරිණි.

රුසියානු සමූහාණ්ඩුව නියෝජනය කරමින් සහභාගි වූ මේජර් ජෙනරල් ඇන්ඩ්‍රි බොරිසොවිච් කොස්ලොව් විසින් ද්විපාර්ශ්වික හමුදා සබඳතා ශක්තිමත් කිරීම සඳහා පවත්වනු ලැබූ මෙම අභ්‍යාසයේ ශ්‍රී ලංකා හමුදා භටපිරිස්හි වෘත්තීයභාවය අගය කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධ‍ාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.