උණුසුම් පුවත්

යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 2 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් භාරදෙනු ලැබීය.


ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 25 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.