2025 ඔක්තෝබර් මස 19 දින සිට 22 දින දක්වා කාලය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල ඇති වූ හදිසි තත්ත්වයන්ට යුද්ධ හමුදා භටපිරිස් විසින් කඩිනමින් ආපදා මෙහෙයුම් දියත් කරන ලදී.
ජාතියේ ආරක්ෂකයා
2025 ඔක්තෝබර් මස 19 දින සිට 22 දින දක්වා කාලය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල ඇති වූ හදිසි තත්ත්වයන්ට යුද්ධ හමුදා භටපිරිස් විසින් කඩිනමින් ආපදා මෙහෙයුම් දියත් කරන ලදී.
මෙහෙයුම් සූදානම මෙන්ම පරිපාලන හා සැපයුම් සූදානම පරීක්ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 ඔක්තෝබර් මස 18 දින සිට 20 දින දක්වා යාපනය අර්ධද්වීපයේ දෙදින නිල සංචාරයක නිරත විය.
නුදුරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වීමට නියමිත වන අතර, මෙම ශූරතාවලිය 2025 ඔක්තෝබර් මස 24, 25 යන දෙදින තුළ ඉන්දියාවේ, රාංචිහිදී පැවැත්වේ.
රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සඳහා පවත්වනු ලබන ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ දෙවන අදියර 2025 ඔක්තෝබර් මස 14 සහ 15 යන දිනයන්හිදී පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 206 දෙනෙකු සහභාගී වූහ.
76 වන හමුදා දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් විසින් කොස්ගම, රජයේ රෝහලේ වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් සිදුකරන ලද අතර, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc විසින් එම උපකරණ තොගය 2025 ඔක්තෝබර් මස 07 දින රෝහල් බලධාරින් වෙත භාර දෙන ලදී.
2025 ඔක්තෝබර් මස 10 දින පැවති 76 වන හමුදා දින සැමරුමට සමගාමීව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ නිර්දේශ මත, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතියට සිදු කළ සේවය අගයමින්, ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලදී.
කඹුරුපිටිය, අභිමංසල II සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා 76 වන සංවත්සරය නිමිත්තෙන් සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවන ලදී.
ජාතිය සුරැකීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෘත්තීමය වශයෙන් සහ කඩිසරව කටයුතු කළයුතු බව මෙන්ම සංහිඳියාව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වටිනාකම් ආරක්‍ෂා කිරීමට සක්‍රීයව දායකවියයුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් තම 76 වන යුද්ධ හමුදා දින පණිවිඩයෙන් ප්‍රකාශ කරයි.
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් ඒ.ඒ.ඩී.පී කුලතිලක USP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 ඔක්තෝබර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමන ලදී.
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.