උණුසුම් පුවත්

අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන්, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනු ලබන පාසල් සිසුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කළ අතර, එමඟින් එම සිසුන්ට ප්‍රමාදයකින් තොරව තම විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීමට හැකි විය.


වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ USP nps psc, 2025 නොවැම්බර් මස 19 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc 2025 නොවැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරනු ලැබීය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, 2025 නොවැම්බර් මස 15 වන දින 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත විය.


වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් කේ.වී.අයි.එල් ජයවීර USP ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී විජේසූරිය RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව ජාත්‍යන්තර සිංහ සමාජය 306 ඩී6 දිස්ත්‍රික්කය සමඟ එක්ව 2025 නොවැම්බර් මස 10 දින ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.


අඛණ්ඩව සිදු කෙරෙන දූෂණ විරෝධී කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ 2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සඳහා වන සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ 3 වන කාර්තුව සඳහා පවත්වනු ලබන ප්‍රගති සමාලෝචන රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී 2025 නොවැම්බර් මස 11 වන දින පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර වාර්ෂීකව පවත්වනු ලබන දිගුකාලීන ද්විපාර්ශවික යුද පුහුණු අභ්‍යාසයක් වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ 2025 වසර සඳහා වූ අභ්‍යාසයෙහි ආරම්භය සනිටුහන් කරමින්, එහි සමාරම්භක උත්සවය 2025 නොවැම්බර් මස 10 දින ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙලගාවි හි පිහිටි මරාටා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.


ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 11 වන වරට පැවැත්වෙන මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය 2025 නොවැම්බර් මස 10 දින සිට 23 දින දක්වා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, බෙලගවි පිහිටි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.