2nd April 2026
ලබන්නාවූ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සමගාමීව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 අප්‍රේල් මස 01 වන දින රාගම, රණවිරු සෙවණ සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.
සුවතා නිකේතනය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය ලබාදුන් අතර පසුව, එම සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ආර්.එස්. ධර්මරත්න USP විසින් එතුමන්ව පිළිගනු ලැබීය.
සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රණක්‍ෂිතයට පත්ව ප්‍රථිකාර ලබන එම රණවිරුවන්ගේ සුවදුක් විමසමින් සුහදව අදහස් හුවමාරු කර ගත් අතර, ඔවුන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී. පසුව, එතුමන් ඔවුන් සමඟින් තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වී සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ RWP RSP USP rcds psc, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ. වීරකෝන් RWP RSP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ රණක්‍ෂිතයට පත්ව ප්‍රථිකාර ලබන රණවිරුවන් සහභාගී වූහ.