2nd April 2026 2026 අප්‍රේල් මස 02 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc විසින් යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන වශයෙන් පත්කරනු ලැබූ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc වෙත එම ධූරයේ පත්වීමේ ලිපිය නිල වශයෙන් භාර දෙන ලදී.