උණුසුම් පුවත්

වර්ෂ 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එම්.එන් කුලසේකර RWP RSP psc 2025 අප්‍රේල් මස 08 දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 අප්‍රේල් මස 06 දින කඹුරුපිටිය, අභිමන්සල - II සුවතා නිකේතයේ හි පැවති සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වූහ.


මියන්මාරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ඇති වූ හදිසි අපදා තත්ත්වයේ සහන සේවා කටයුතු සඳහා සහාය වීමට මෙරට ත්‍රිවිධ හමුදාවේ භටපිරිසක් 2025 අප්‍රේල් මස 05 දින කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ.


ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2025, ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් මස 04 දින නාරාහේන්පිට, යුද්ධ හමුදා ටෙනිස් පිටියේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගි වූහ.


අභිනවයෙන් ගුවන් හමුදාධිපති ධූරයේ රාජකාරීන් භාරගනු ලැබූ එයාර් මාර්ෂල් වී.බී එදිරිසිංහ WWV, RWP, RSP and three Bars, USP, fndu(China), psc, qhi 2025 අප්‍රේල් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


ප්‍රගමන ප්‍රවර්ධන සහ නායකත්ව සංස්කරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 අප්‍රේල් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම් මොනිරුසාමන් (TAS), NGP, psc, BN 2025 අප්‍රේල් මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


විවිධ තාක්‍ෂණික පාඨමාලාවන් හදාරා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමේ සුදුසුකම් ලැබූ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් 30 දෙනෙකු වෙත සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් 2025 අප්‍රේල් මස 02 දින වත්තල, රණවිරු සම්පත් කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.


ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.අයි පතිරත්න (විශ්‍රාමික) ගේ දේහය වෙත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 31 දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය අවසන් ගෞරව දැක්වූහ.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් කුරුණෑගල ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 මාර්තු මස 28 දින පන්ගොල්ල, අභිමංසල - 3 සුවතා නිකේතනයේ දී අදියර III යටතේ වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.