යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නව නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත ලබාදී යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සඳහා බටගොඩ ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද නිවසක් 2026 අප්‍රේල් මස 06 වන දින භාරදෙනු ලැබීය.

එම අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් ndc AATO සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිර්මලී විජේකෝන් මහත්මිය විසින් පිළිගන්නා ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නවතමයෙන් ඉදිකරන ලද නිවසේ යතුරු නිවාස ලාභී සැරයන් ඩබ්ලිව්.බී. ධර්මප්‍රිය වෙත චාරිත්‍රානුකූලව භාර දෙන ලදී.

ඉන් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අතර, එහිදී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකර ගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. අතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර, සමූහ ඡායාරූපයකට පෙනී සිට එම කඳවුරු පරිශ්‍රයෙහි නිරීක්‍ෂන සංචාරයක නිරත විය.

එම සංචාරයේ කටයුතු අවසන් කරමින් එතුමන් යුධෝපකරණ පාසලේදී භටපිරිස් ඇමතීය. මෙම වැඩසටහන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.