අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැදුර සහ අභිමංසල 3 සුවතා නිකේතනයන්හි නිල සංචාරයක

ලබන්නාවූ අලුත් අවුරුද්දට සමගාමීව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 අප්‍රේල් මස 03 වන දින අත්තිඩිය, මිහිඳු සෙත් මැදුර සහ පාන්ගොල්ල, අභිමංසල 3 යන සුවතා නිකේතනයන්හි නිල සංචාරයක නිරත විය.

සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් රණක්‍ෂිතයට පත්ව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසමින් සුහදව අදහස් හුවමාරු කර ගත් අතර, ඔවුන් වෙත ත්‍යාග පාර්සල් බෙදා දෙමින් අලුත් අවුරුදු සුභ පැතුම් එක්කරන ලදී.

මෙම උත්සව අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.