මේ වසර මුලදී මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම විසින් මියන්මාරයේ දියත් කරන ලද සහනසේවා මෙහෙයුම් තුළ දැක්වූ දායකත්වය වෙනුවෙන් 2025 නොවැම්බර් මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කළේය.