උණුසුම් පුවත්

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc, 2025 දෙසැම්බර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන් USP ndc, 2025 දෙසැම්බර් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන් සිල්වා RSP USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 24 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදුකළ නිල සංචාරයේදී එම බලකායේ මාණ්ඩලික සැරයන් කේ.එම්.සී.එස් කුලසේකර USP විසින් සරඹ උපදේශක පාඨමාලා අංක 134 හි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම ඇගයීමට ලක්කරමින් එම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙත මුදල් ත්‍යාගයක් පිරිනමන ලදී.


මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් ඩී.එස් ජයවර්ධන RSP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.


නත්තලේ සහ සහෝදරත්වයේ ජීවගුණය පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 දෙසැම්බර් මස 23 දින කඹුරුපිටිය අභිමංසල 2 රාගම රණවිරු සෙවන සහ අත්තිඩිය මිහිඳු සෙත් මැදුර යන ස්ථානයන්හි සංචාරයක නිරත විය.


2025 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ ශූරතාවලියේ සහතිකපත්‍ සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් මස 22 දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පිහිටි සිනො-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.


දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද සියලු නිල නිවාඩු නිකේතනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 22 වන දින විවෘත කරන ලදී.


මේජර් මුහම්මඩ් අබ්දුල් මන්නන් ගේ නායකත්වයෙන් 47 දෙනෙකුගෙන් යුත් පාකිස්ථානු යුද්ධ හමුදා සහන කණ්ඩායම දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදු කරන ලද අපදා සහන මෙහෙයුම් වලදී දැක්වූ දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඇගයිමට ලක් කරන ලදී.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොඩ්රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 20 දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී අභිමානවත් පවුර නිල වශයෙන් විවෘත කරන ලදී.