7th April 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, 2026 අප්‍රේල් මස 06 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. මෙම තනතුර යුද්ධ හමුදාවේ තුන්වන ජ්‍යෙෂ්ඨතම තනතුරයි.
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හමුදා සම්ප්‍රදායානුකූලව සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ආගමික ආශීර්වාද මධ්‍යයේ සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය. මෙම ධූරයේ රාජකාරීන් භාරගැනීමට ප්‍රථම නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ප්‍රධාන තනතුරු රාශියක් හොඹවා ඇත.
මෙම අවස්ථාවට ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.