ධූරයෙන් නික්මයන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත හමුදා උත්තමාචාරය පිරිනමයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc 2026 මාර්තු මස 31 දින පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිය ධුරයෙන් සමුගන්නා ලදී.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි මාණ්ඩලික ප්‍රධාන, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ RWP RSP USP rcds psc විසින් පිළිගන්නා ලදී. අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

අනතුරුව, ධූරයෙන් සමුගන්නා මාණ්ඩලික ප්‍රධාන සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.