උණුසුම් පුවත්

නත්තල් උත්සවයට සමගාමීව, අවිස්සාවේල්ල ශාන්ත මරියා දේවස්ථානයේ ගරු ටිරාන් පෙරේරා පියතුමන්ගේ ඉල්ලීමකට අනුව, එම දේවස්ථානයේ තීන්ත ආලේප කිරීම සහ වතුර ටැංකිය අලුත්වැඩියා කොට ජල නල පද්ධතියක් එළීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භට පිරිස් විසින් ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු 2025 නොවැම්බර් මස 27 දින සිට දෙසැම්බර් මස 18 දින දක්වා සිදු කරන ලදී.


මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් එස්.පී වික්‍රමසේකර RWP RSP USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 18 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.


මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් එම්.එස්.සී පීරිස් RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 18 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.


ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක -20 සහ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක - 12 හදාරනු ලබන යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් වෙත ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ උත්සවයක් 2025 දෙසැම්බර් මස 17 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨ කාර්ය සම්පාදන ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මේජර් ජෙනරල් එච්.පී.අයි පෙරේරා RWP RSP, 2025 දෙසැම්බර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


එයාර් ට්‍රැවල් සර්විසස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 15 වන දින ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


යුද්ධ හමුදා එල්ලේ කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය - 2025, දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී 2025 දෙසැම්බර් මස 12 වන දින අවසන් වූ අතර, එම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු දොළහක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.


642 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු හඟුරන්කේත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආපදා සහන සේවා රාජකාරි සඳහා යොදවා සිටි යුද්ධ හමුදා භටපිරිස් විසින් නාය යාමකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක හිමිකරු වෙත ඔහුට අයත් පුද්ගලික බඩු බාහිරාදිය තොගයක් භාර දෙන ලදී.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආපදා සහන සේවා කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය හමූද් සයීඩ් හරෙබ් අල් අෆාරිගේ නායකත්වයෙන් යුත් 74 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම විසින් සිදුකරන ලද මානුෂීය සත්කාර සේවය අගයමින් මෙරටට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආපදා සහන සේවා කණ්ඩායම ඇගයීමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 15 වන දින මීගමුව හෙරිටන්ස් හෝටලයේදී පවත්වන ලදී.


මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් ජී.ඩී.ජේ.සී ප්‍රේමතිලක USP ndc psc, මේජර් ජෙනරල් කේ.ජී.එම්.එන් සෙනෙවිරත්න USP, මේජර් ජෙනරල් කේ.එම්.ජී බණ්ඩාරනායක USP ndc psc සහ මේජර් ජෙනරල් කේ.ජී.යූ.ටී ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 15 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතයන් පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.