උණුසුම් පුවත්

නායකත්ව ප්‍රමිතීන්, වෘත්තීය වගකීම සහ උපදේශන හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද දෙදින නායකත්වය ප්‍රවර්ධන කිරීමේ වැඩමුළුවක් 2026 මාර්තු මස 06 සහ 07 යන දිනයන්හිදී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සීනෝ-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.


දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් කටයුතු සඳහා බෝර් ප්‍රදේශයේ පිහිටි දෙවන මට්ටමේ රෝහලේ වසරක සේවා කාලයක් සාර්ථකව නිම කළ 11 වන වෛද්‍ය කණ්ඩායම 2026 මාර්තු මස 11 දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 41 දෙනෙකු ඇතුළත් වූහ. එමෙන්ම, එම කණ්ඩායම මෙරටට පැමිනීමෙන් පසුව නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 04 දෙනෙකු දකුණු සුඩානයේ රැඳී සිටින අතර, ඔවුන් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතය.


පූජනීය රාමසාන් උපවාස කාලය වෙනුවෙන් ඉෆ්තාර් චාරිත්‍රානුකූලව සැමරීම සනිටුහන් කරමින් කොළඹ 07, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හිදී 2026 මාර්තු මස 11 වන දින පැවති විශේෂ ඉෆ්තාර් උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.


2026 මාර්තු මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සුහද හමුවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මේජර් ජෙනරල් ඒ.එස්.පී. ජයම්පති USP වෙත අධිකාරියේ සංකේතය පිරිනමා සුභ පැතුම් එක්කරන ලදී.


ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 2026 අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය, 2026 මාර්තු 08 වන දින දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc සහභාගී විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, 2026 මාර්තු මස 06 වන දින කඹුරුපිටියේ ස්ථාපිත 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ මාතර ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.


2026 මාර්තු මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සුහද හමුවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මේජර් ජෙනරල් වයි.එච්.පී. රංගජීව USP ndu වෙත අධිකාරියේ සංකේතය පිරිනමා සුභ පැතුම් එක්කරන ලදී.


අඛණ්ඩව 59 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය ඉරිදා (2026 මාර්තු මස 08) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානය අසළින් ආරම්භ විය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


1999 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබූ යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර දිනයේදී නිකුත් කරන ලද යුද්ධ හමුදා ගීතයේ නිර්මාතෘවරුන් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් 2026 මාර්තු මස 06 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.


වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල RSP ndu, 2026 මාර්තු මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.