2nd April 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන මාණ්ඩලික ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc, 2026 අප්‍රේල් මස 02 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරීන් භාරගන්නා ලදී.
නව මාණ්ඩලික ප්‍රධාන හමුදා සම්ප්‍රදායානුකූලව මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ආගමික ආශීර්වාද මධ්‍යයේ සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.
නව ධූරයේ රාජකාරීන් භාරගැනීමට ප්‍රථම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස කටයුතු කරනු ලැබූ අතර, මේ වන විට ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරනු ලබයි. මෙම අවස්ථාවට ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, උපදේශකවරුන්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.