උණුසුම් පුවත්

2026 පෙබරවාරි මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සුහද හමුවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මේජර් ජෙනරල් ආර්.ආර්.එම්.පී.එන්.බී. බඹරදෙණිය RWP RSP USP psc වෙත අධිකාරියේ සංකේතය පිරිනමා සුභ පැතුම් එක්කරන ලදී.


දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ SRIMED හි දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි සඳහා 2026 පෙබරවාරි මස 20 වන දින පිටත්ව යාමට නියමිත 12 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම පිටත්ව යාමට පෙර 2026 පෙබරවාරි මස 10 වන දින වේරහැර, ශ්‍රී ලංකා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.


ශ්‍රී ලංකාව සඳහා පත්කර සිටින නවදිල්ලි, ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් (නාවික) ආමන්ඩෝ පාවුලෝ SIMI, 2026 පෙබරවාරි මස 05 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන අධ්‍යක්‍ෂ ජෙනරාල් පිරිස් පරිපාලන මේජර් ජෙනරල් කේ.ජී.එම්.එන්. සෙනෙවිරත්න USP, 2026 පෙබරවාරි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


2026 පෙබරවාරි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සුහද හමුවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මේජර් ජෙනරල් එල්.එස්.ඩී.එන්. පතිරත්න RSP USP වෙත අධිකාරියේ සංකේතය පිරිනමා සහ සුභ පැතුම් එක්කරන ලදී.


ජාතික ශූරතා මුෂ්ටි ප්‍රහාර ශූරතාවලිය 2025, හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී 2026 ජනවාරි මස 26 දින සිට 30 දින පැවැත්විණි.


2026 පෙබරවාරි මස 04 දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සෙසු නිළයන් 9158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිළයන් දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.


2026 පෙබරවාරි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සුහද හමුවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මේජර් ජෙනරල් සී. ඩී. වික්‍රමනායක WV RSP ndc වෙත අධිකාරියේ සංකේතය සහ සුභ පැතුම් පිරිනමන ලදී.


යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය පනාගොඩ, රග්බි ක්‍රීඩාංගණයේදී 2026 ජනවාරි මස 31 වන දින පවත්වනු ලැබීය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.


ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු මැතිව් ඩක්වර්ත් මහතා 2026 ජනවාරි මස 30 වන දින හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.