උණුසුම් පුවත්

ඉන්දියානු හමුදා භට පිරිස් 73 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 02 දින ශ්‍රී ලංකාවට පැමිණියහ.


පාකිස්ථාන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සහන සේවා කටයුතු සඳහා 2025 දෙසැම්බර් මස 03 දින USAR සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත පාකිස්ථාන මානුෂීය සහන සේවා කණ්ඩායමක්, පාකිස්ථාන K-9 ඒකකයේ විශේෂ පුහුණුව ලත් හමුදා සුනඛයින් සහ සහන සේවා භාණ්ඩ තොගයක් සමඟින් C-130 ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.


ශ්‍රී ලංකාවේ ජර්මානු ආරක්‍ෂක උපදේශක කර්නල් ක්ලවුස් මර්කල් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මාර්කෝ හෙල්ග්‍රෙව් 2025 දෙසැම්බර් මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එල්.ඩී පෙරේරා RWP RSP USP සහ මේජර් ජෙනරල් එච්.ඒ.අයි පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින්, 2025 දෙසැම්බර් මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම නිලයේ අධිකාරියේ සංකේතය ප්‍රදානය කරමින් සිය සුභ පැතුම් පිරිනමන ලදී.


යුද්ධ හමුදාධිපතිතුමන් 11 පාබල සේනාංකයේ බල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් එහි දැනට ක්‍රියාත්මක වන ආපදා සහන මෙහෙයුම්වල ප්‍රගතිය සමාලෝචනය කරන ලදී.


යුද්ධ හමුදාව සිදුකරනු ලබන සහන සේවා කටයුතු සඳහා සහයෝගය දැක්වීමක් වශයෙන් නෙස්ලේ ශ්‍රී ලංකා සමාගම විසින් රුපියල් මිලියන 8.5 ක වටිනාකමකින් යුත් නෙස්කැෆේ, නෙස්ටී සහ නෙස්ටමෝල්ට් නිෂ්පාදන තොගයක් 2025 දෙසැම්බර් 03 වන දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පරිත්‍යාග කරන ලදී.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි, 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.සී.වී. ප්‍රනාන්දු ndc, 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.


පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා, පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලකින් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 02 වන දින ශ්‍රී ලංකාවට පැමිණියහ.