ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙතින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ තාක්‍ෂණික සහයෝගය ඇතිව, එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාත්මක රසායනාගාරයේ 2025 ජුනි මස 16 දින ඇති වූ රසායනික කාන්දුවක් විසඳීම සඳහා 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ විශේෂිත ප්‍රතිචාර කණ්ඩායමක් සහ කොළඹ ගිනි නිවන හමුදාව ඒකාබද්ධව කටයුතු කරනු ලැබීය.