යුද්ධ හමුදාව වෙතින් රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා පිපිරීම් පිළිබඳ සිවිල් ආරක්‍ෂක ආයතන සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, ඉංජිනේරු බලකාය යටතේ ස්ථාපිත 14 රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුව වෙතින් 2025 ජූලි මස 29 දින බෝම්බ හෙලීමේ සහ රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා වලින් ඇති විය හැකි තර්ජන පිළිබඳව One Gall Face Residence නිවාස සංකීර්ණයේ ආරක්‍ෂක කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීය.

මෙම වැඩමුළුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලය හා ඉංජිනේරු සේනාංක මූලස්ථානයේ අධීක්‍ෂණය මත පැවැත් විය.