14th August 2025
24 පාබල සේනාංකය විසින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීමේ අරමුණින් 2025 අගෝස්තු මස 10 දින එම සේනාංක මූලස්ථානයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.
මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා ආචාර්ය විජිතා නාගේන්ද්‍රම් මහත්මිය විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, එහිදී 24 පාබල සේනාංක මූලස්ථානයේ රාජකාරි කරනු ලබන භටපිරිස්හි සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 103 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දෙන ලදී. වැඩසටහන අතරතුර, එම ළමුන් විසින් ගායන කුසලතා සහ කථික රංගනයන් තුළින් තම දක්‍ෂතා ප්‍රදර්ශනය කරන ලදී.
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබීය.