9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සේරුවිල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී.
ජාතියේ ආරක්ෂකයා
9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සේරුවිල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී.
12 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් 2025 අගෝස්තු මස 11 දින දලුකන, ග්‍රාම නිලධාරි කාර්යාලයේදී ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 80 ක් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
24 පාබල සේනාංකය විසින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීමේ අරමුණින් 2025 අගෝස්තු මස 10 දින එම සේනාංක මූලස්ථානයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.
2025 අගෝස්තු මස 08 දින බලංගොඩ, ඉඹුල්පේ, හල්පේ ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව කඩිනමින් කටයුතු කරනු ලැබීය.
අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව් මැදුර මූලික කරගත් ධර්මෝපදේශ සහ බයිබල් සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද පදවි ළමා රැලිය 2025 අගෝස්තු මස 8 දින සිට 10 දින දක්වා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු දරුදැරියන් 450 දෙනෙකුගේ සහ උතුරු මැද පළාතේ පාසල්වල ගුරුවරුන් 50 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, ඉංජිනේරු බලකාය යටතේ ස්ථාපිත 14 රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුව වෙතින් 2025 ජූලි මස 29 දින බෝම්බ හෙලීමේ සහ රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා වලින් ඇති විය හැකි තර්ජන පිළිබඳව One Gall Face Residence නිවාස සංකීර්ණයේ ආරක්‍ෂක කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීය.
51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ඉරුපලෙයි පිහිටි තෙරේසා මාතා වැඩිහිටි නිවාසය, පුත්තූර් පිහිටි ශාන්ත ලූකස් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසය සහ උරුම්පිරායි පිහිටි සෙල්වපුරම් උදය සූරියන් පෙරපාසල වෙත 2025 ජූලි මස 27 දින පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ වදාකඩ මුස්ලිම් පල්ලිය අසළ පිහිටි කුඩා ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක විදුලි පරිපථයක් තුළ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් 2025 ජූලි මස 19 දින ගින්නක් ඇති විය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ රාජ්‍ය වැඩසටහනට සමගාමීව 55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් 2025 ජූලි මස 04 දින ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
54 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජූලි මස 09 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 541, 542 සහ 543 පාබල බලසේනා බලප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩසටහන් පවත්වන ලදී. මෙම වැඩසටහන එම ප්‍රදේශයන්හි තෝරාගත් පාසල් 100 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරිණි.