සිවිල් ක්‍රියාකාරකමි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ සහයෝගය ඇතිව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල දෘශ්‍යාබාධිතව සිටින සිවිල් වැසියන් 364 දෙනෙකු සඳහා 2025 ඔක්තෝබර් මස 02 දින විශේෂ අක්ෂි සායන වැඩසටහනක් සංවිධානය කරන ලදී.


යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 සැප්තැම්බර් මස 27 දින කරුගම්පනෙයි ප්‍රජා මධ්‍යස්ථානයේදී අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 80 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 2025 සැප්තැම්බර් මස 26 දින සිට 28 දක්වා අන්ධ විද්‍යාලයේ සිසුන් යාපනය ප්‍රදේශයේ කළ විශේෂ සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රවාහන, නවාතැන් පහසුකම් සහ ආහාර සැපයීම සිදුකරන ලදී.


2025 ලෝක පිරිසිදු කිරීමේ දින වැඩසටහනට සමගාමීව 2025 සැප්තැම්බර් මස 25 දින 23 පාබල සේනාංකය සහ පුනානි ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව පවත්වන ලදී.


'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් විසින් පාසල් ළමුන්ගේ කියවීමේ රුච්කත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2025 සැප්තැම්බර් මස 23 දින කොස්ගුලාන ප්‍රාථමික පාසලේ පුස්තකාලයට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත් 470ක් පමණ පරිත්‍යාග කරන ලදී.


221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2(ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2025 සැප්තැම්බර් මස 17 දින ත්‍රිකුණාමලය, දමිළ සංගමය ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් සඳහා පොත් සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.


15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සහයෝගය ඇතිව 2025 සැප්තැම්බර් මස 04 දින මොල්ලිපතාන, අග්‍රබෝධි විහාරස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.


59 පාබල සේනාංකය විසින් 2025 සැප්තැම්බර් මස 10 දින මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු, ඉරණපලෛයි ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී.


122 පාබල බලසේනාවේ, 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 සැප්තැම්බර් මස 11 දින ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවර්ණ නිවාඩු නිකේතනයෙහි පැවති රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා ස්වේච්ඡාවෙන්ම සිය රුධිරය පරිත්‍යාග කළහ.


යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, විනිසුරු අධිනිතිඥ ජෙනරාල් ජනාධිපති නිතිඥ බ්‍රිගේඩියර් ආර්.ඩී.ඕ පතිරණගේ සහ එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය අනුග්‍රාහක දායකත්වය යටතේ යුද්ධ හමුදාව විසින් 2025 සැප්තැම්බර් මස 5 දින වන්නි දිස්ත්‍රික්කයේ තෙන්නියන්කුලම් සහ උයිලන්කුලම් යන ගම්මානවල ග්‍රාමීය ජනතාව නඟා සිටුවීම සඳහා මානුෂීය වැඩසටහනක් පවත්වන ලදී.