දිඹුලාගල, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි මනම්පිටිය සිංහල මහා විද්‍යාලය සහ මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භට පිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින පවත්වන ලදී.
ජාතියේ ආරක්ෂකයා
දිඹුලාගල, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි මනම්පිටිය සිංහල මහා විද්‍යාලය සහ මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භට පිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින පවත්වන ලදී.
සමාජ සහජීවනය ශක්තිමත් කිරීම සහ මානුෂීය වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, 51 පාබල සේනාංකය විසින් 2025 දෙසැම්බර් මස 25 දින නත්තල් දිනයේදී කෝපායි, ඉරුපාලෙයි හි පිහිටි මව් තෙරේසා වැඩිහිටි නිවාසයේදී විශේෂ දානමය පිංකමක් පවත්වන ලදී.
මඩකලපුව සිවිල් සමාජ කමිටුව විසින් මාස 12 ක කාල සීමාවක් පැවති ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව නිම කරන ලද සිසුන් 200 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක්, 2025 දෙසැම්බර් මස 28 වන දින පුනානි හි පිහිටි ජාත්‍යන්තර විද්‍යා හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී.
56 වන පාබල සේනාංකය විසින් 2025 දෙසැම්බර් මස 24 වන දින නෙදුන්කුලම, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 45 දෙනෙකු වෙත සහ කොක්වේලිය, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 11 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් සම්බන්ධිකරණයෙන් කළුකැලේ, විජය පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 27 වන දින පවත්වන ලදී.
පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් මඩුපාර සිංහල මහා විද්‍යාලයේ, කඩ්ඩියාදප්පන රෝමානු කතෝලික දමිළ මහා විද්‍යාලයේ, තම්පනේකුලම් රෝමානු කතෝලික දමිළ ප්‍රාථමික විද්‍යාලයේ සහ පන්නිවෙට්ටුවාන් රෝමානු කතෝලික දමිළ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් 115 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 22 වන දින පවත්වන ලද අතර, එහිදී ගුරුවරුන් 25 දෙනෙකු වෙතද ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී.
543 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 22 වන දින මන්නාරම සංස්කෘතික ශාලාවේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසුන් 142 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ඉංජිනේරු සේවා බලකායේ සංවත්සරයට සමගාමීව එම බලකායේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 24 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය විසින් 2025 නොවැම්බර් මස 16 දින 17 වන කැන්බෝරියට සමගාමීව බෝගම්බර ක්‍රීඩාංගනයේදී පෝතක බාලදක්ෂ සැමරුම් දිනය සංවිධානය කරන ලදී.
නාරම්මල, දෙමටගහවෙල ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා රොෂාන් මහානාම පදනමේ සම්බන්ධීකරණයෙන් ඒ.බී. ඩීන් මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් සහ 571 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ හා 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මෙම නව නිවසක් ඉදිකර ලබා දෙන ලදී.