සිවිල් ක්‍රියාකාරකමි

22 පාබල සේනාංකය විසින් පුල්මුඩේ අර්ෆාත් මුස්ලිම් විද්‍යාලයේදී ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 200 ක පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා වියළි සලාක පාර්සල් 200 ක් සහ පාසල් බෑග් 100 ක් බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 19 වන දින පවත්වන ලදී.


මහඔය අධ්‍යාපන කලාපයට අයත් අම්පාර, මහ උණුවතුර බුබුල විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණිවල සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 17 වන දින එම පාසල් පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.


‘නිකසල පුරයක් - සුවබර දිවියක්’ යන තේමාව යටතේ පවත්වනු ලබන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 ජනවාරි මස 07 දින සිට 09 දින දක්වා 56 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ගේ උපදෙස් යටතේ අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව ඩෙංගු මර්දන වැඩසටහන් පවත්වන ලදී.


යුද්ධ හමුදා භටපිරිස් විසින් මෑත කාලීන කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් කඩුවෙල, රණාල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සියලුම සිසුන් වෙත පාසල් බෑග් 425 ක් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 09 වන දින සංවිධානය කරන ලදී.


අනුරාධපුර, අශෝක කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සහ සියඹලාගස්වැව, පෙර පාසලේ දරුවන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 04 වන දින තන්තිරිමලේ, අශෝක කනිෂ්ඨ විද්‍යාලයේදී සංවිධානය කරන ලදී.


යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින අටඹගස්කඩ, ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී එම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.


යුද්ධ හමුදා භටපිරිස් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මෑතකදී බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් 100 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී.


කරෙයිනගර්, ප්‍රදේශයේ තෝරාගත් පාසල් 11 කින් සිසුන් 120 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භටපිරිස් විසින් කරෙයිනගර් සංස්කෘතික ශාලාවේදී 2026 ජනවාරි මස 04 දින පවත්වන ලදී.


දිඹුලාගල, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි මනම්පිටිය සිංහල මහා විද්‍යාලය සහ මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා භට පිරිස් විසින් 2026 ජනවාරි මස 03 දින පවත්වන ලදී.