561 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි නෙදුන්කේනි රෝහලට 2026 අප්‍රේල් මස 03 වන දින බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවශ්‍ය ආපදා සහන සේවා කටයුතු සඳහා එම බලසේනාවේ භටපිරිස් කඩිනමින් කටයුතු කරනු ලැබීය.
ජාතියේ ආරක්ෂකයා
561 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි නෙදුන්කේනි රෝහලට 2026 අප්‍රේල් මස 03 වන දින බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවශ්‍ය ආපදා සහන සේවා කටයුතු සඳහා එම බලසේනාවේ භටපිරිස් කඩිනමින් කටයුතු කරනු ලැබීය.
යාපනය ශික්‍ෂණ රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc ගේ මඟ පෙන්වීම යටතේ යාපනය හෙද පුහුණු පාසලේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් 2026 මාර්තු 04 වන දින පොළොන්නරුව, නාමල් වැව ප්‍රාථමික විදුහලේ සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා වෛද්‍ය කඳවුරක් එම පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, 54 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් නානාට්ටන් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සමඟින් එක්ව 2026 මාර්තු මස 04 වන දින මන්නාරම, මඩුක්කරෛයි රජයේ දමිළ මිශ්‍ර පාසලේදී දන්ත සායනයක් සහ බෝ නොවන රෝග සායනයක් පවත්වන ලදී.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ 59 වන ජන්ම සංවත්සරයට සමගාමීව 2026 පෙබරවාරි මස 28 වන දින ආරණ්‍ය සේනාසනයේදී කොළඹ කාන්තා සංවිධානය සහ සුප්‍රීම් මාධ්‍ය ආයතනය සමඟ එක්ව ‘ජන සුව යාත්‍රා’ සමාජ සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.
55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.ජි.ඊ. හේරත් RSP USP ndu psc ගේ මඟපෙන්වීම යටතේ 551 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.බී.එම්.ආර්. කන්දේකුඹුර RSP USP ගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි ගැබිනි මව්වරුන් 22 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ සුභසාධන වැඩසටහනක් පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාව සහ Nature's Beauty Creations සමාගම එක්ව වවුනියාව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 137 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමේ සුභසාධන වැඩසටහනක් ගාමිණී මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී 2026 පෙබරවාරි මස 13 වන දින සංවිධානය කරන ලදී.
59 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පණ්ඩරවානියන් සම්මන්ත්‍රණ ශාලාවේදී 2026 පෙබරවාරි මස 14 වන දින සංවිධානය කරන ලදී.
Supreme Care ජන සුව යාත්‍රා ප්‍රජා සුබසාධන වැඩසටහන යටතේ සංවිධානය කරන ලද අක්‍ෂි සායනයක් සහ සෞඛ්‍ය කඳවුරක් 2026 පෙබරවාරි මස 14 වන දින 61 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි ශ්‍රී වර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන යුද්ධ හමුදාවේ සහාය ඇතිව Supreme Global Holdings පුද්ගලික සමාගම විසින් වයස අවුරුදු 55 ට වැඩි පුරවැසියන් සඳහා සංවිධානය කරන ලද අතර, එහිදී වැඩිහිටියන් 150 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවූහ.
54 පාබල සේනාංකය සහ 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව එක්ව මන්නාරම පවුල් අයෝද්‍ය මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී ගැබිනි මව්වරුන් 162 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 15 වන දින සංවිධානය කරන ලදී.