21st July 2025
කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ වදාකඩ මුස්ලිම් පල්ලිය අසළ පිහිටි කුඩා ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක විදුලි පරිපථයක් තුළ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් 2025 ජූලි මස 19 දින ගින්නක් ඇති විය.
කඩිනමින් ක්‍රියාත්මක වූ 9 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සාමාජිකයන් සමඟ එක්ව එම ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ලැබීය.