12th August 2025
2025 අගෝස්තු මස 08 දින බලංගොඩ, ඉඹුල්පේ, හල්පේ ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව කඩිනමින් කටයුතු කරනු ලැබීය.
ගුවන් හමුදාවේ කණ්ඩායමක් විසින් හෙලිකොප්ටරයක් මගින් ලැව් ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ගුවන් සහාය ලබා දෙන ලදී. 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ 572 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකරනු ලැබීය.