යුද්ධ හමුදා භටපිරිස් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සේරුවිල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී.

ඉදිකරන ලද නව නිවස ප්‍රථිලාභීන් වෙත භාරදීමේ උත්සවය 2025 අගෝස්තු මස 18 දින පැවති අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc සහභාගි විය.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.එල්.එස් පෙරේරා RWP RSP ndc විසින් මෙම නිවාස ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලද අතර, නිවසේ ඉදිකිරීම් ද්‍රව්‍ය සහ ගෘහ භාණ්ඩ සඳහා අනුග්‍රාහකත්වය දිස්නා ගලප්පත්ති මහත්මිය විසින් ලබාදෙන ලදී.